AFC Banner
Empty Ad
Empty Ad

පෙම්වතා සමඟ සතුටු වෙන්න හෝටල් කාමරයට ගිය පෙම්වතිය අවාසනාවන්ත ලෙස මිය ගිහින්

23 හැවිරිදි හෙද උපාධිධාරිනියක් හෝටලයක දී තම පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් පසු අධික රුධිර වහනයකින් මිය ගිය පුවතක් ඉන්දීය මාධ්‍ය අද (01) වාර්තා කරනවා.

පසුගිය සැප්තැම්බර් 23 වනදා ගුජරාට් ප්‍රාන්තයේ නවසාරි ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුවී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා හෝටලයේ කාමරයක් තුළ ලිංගිකව එක්වෙමින් සිටියදී කාන්තාවගේ යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතා ගිලන් රථයක් එහි කැඳවා පෙම්වතිය රෝහල් ගත කරනවා වෙනුවට ලේ ගැලීම නතර කරන්නේ කෙසේදැයි අන්තර්ජාලයෙන් සොයා ලබා ඇති බවයි හෙළිව ඇත්තේ.

එහිදී ලේ ගැලීම නැවැත්වීම සඳහා ඔහු රෙදි කැබැල්ලක් භාවිත කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය ව්‍යාර්ථ වී තිබෙනවා.

පසුව පෙම්වතිය සිහිසුව ඇති අතර, එහිදී බියට පත් වූ පෙම්වතා තම මිතුරියක හෝටලයට කැඳවා පෙම්වතියව පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ තරුණියව පසුව රජයේ රෝහලක් වෙත මාරුකර යවා ඇති අතර, පෙම්වතා සිය පෙම්වතියගේ දෙමාපියන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඔවුන්ට විස්තරය පවසා ඇති අතර, ඔවුන් රෝහලට පැමිණෙන විටත් තරුණිය මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් තරුණියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සූරත් සිවිල් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, 26 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?