පෙම්වතා පෙම්වතියව ලැගුම්හලක හිරකරගෙන සල්ලිවලට විකුණලා

පෙම්වතෙකු සිය පෙම්වතියව ලැගුම්හලකට කැඳවාගෙන ගොස්, එහි කළමනාකරු සමඟ එක්ව ඇයව කාමරයක රඳවා දින 02ක් විවිධ පුද්ගලයින්ට අලෙවිකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ලැගුම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අගලවත්ත ඕමත්ත පාරේ, ලැගුම්හලක කළමනාකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පෙම්වතා සහ ලැගුම්හලේ කළමනාකරු විසින් අදාළ තරුණියව පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවිකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර පෙම්වතා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු සොයා විමර්ශන ආරම්භකර ඇති බවයි අගලවත්ත පොලිසිය පැවසුවේ.

කාන්තාවක් ලැගුම්හලක රඳවාගෙන පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මතයි මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණයකර ගැනීමට හැකිව ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ වූ තරුණිය ඇඟලුම්හල් සේවිකාවක බවත්, ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවත් පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකාරවරයා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48