AFC Banner
AFC Banner
Empty Ad

පෙම්වතා එක්ක පැන ගිය බාලවයස්කාර දැරිය පොලිස් භාරයට

පයාගල හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පෙම්වතා බව කියන තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆේස් බුක් ඔස්සේ හඳුනාගත් ගාල්ල දොඩංදූව ප්‍රදේශයේ 19 හැවිරිදි ධීවර තරුණයෙකු සමග මාස තුනක කාලයක සිට පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය මෙම බාල වයස්කාරිය ඔහු සමග නිවසින් පළා ගොස් සිටියදී දුෂණයට ලක්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය තම පෙම්වතා සමග මැදවච්චියට ගොස් එතැනින් නැවත තිස්සමහාරාමයට පැමිණ නවාතැන් ගෙන සිටි කාමරයක් තුළදී මෙලෙස අතවරයට ලක්වී තිබෙනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලට ව්‍යාජ වයසක් පවසා බාලවයස්කාරිය සමඟ ගත කර පසුව ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී ඥාතීන්ගේ බල කිරීම මත යුවළ හික්කඩුව පොලිසියට භාරවීමෙන් පසුවයි පයාගල පොලිසිය භාරයට ගෙන ඇත්තේ.

මෙම බාලවයස්කාර දැරිය පසුගිය 26 වනදා නිවසින් පළාගොස් පෙම්වතා වන ධීවර තරුණයා කළුතර නගරයේ දී හමුවී එතැන් සිට දෙදෙනා එක්ව මැදවච්චියට ගොස් අනතුරුව තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණ කුලී කාමරයක රැඳී සිටි බවට පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ ෆේස්බුක් ඔස්සේ හඳුනාගෙන මාස තුනක පමණ කාලයක් ඇසුරු කර අනතුරුව මෙලෙස පළා යෑමට තීරණය කර ඇති බවයි.

බාල වයස්කාර සිසුවියගේ පියා පයාගල පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදුකර වින්දිත සිසුවිය සහ සැකකාර තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවා.

බාල වයස්කාර සිසුවියගේ මව විදෙස් ගතවී ඇති අතර සිසුවිය පියා සමග ජීවත්ව ඇති අතර සිසුවිය පාසල් ගමන පිළිබඳව ද නොතකා පෙම්වතා සමග සමඟ ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සිසුවිය කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකාර පෙම්වතා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
4
+1
7
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?