පෙම්වතා එක්ක පැන ගිය බාලවයස්කාර දැරිය පොලිස් භාරයට

පයාගල හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පෙම්වතා බව කියන තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆේස් බුක් ඔස්සේ හඳුනාගත් ගාල්ල දොඩංදූව ප්‍රදේශයේ 19 හැවිරිදි ධීවර තරුණයෙකු සමග මාස තුනක කාලයක සිට පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය මෙම බාල වයස්කාරිය ඔහු සමග නිවසින් පළා ගොස් සිටියදී දුෂණයට ලක්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය තම පෙම්වතා සමග මැදවච්චියට ගොස් එතැනින් නැවත තිස්සමහාරාමයට පැමිණ නවාතැන් ගෙන සිටි කාමරයක් තුළදී මෙලෙස අතවරයට ලක්වී තිබෙනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලට ව්‍යාජ වයසක් පවසා බාලවයස්කාරිය සමඟ ගත කර පසුව ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී ඥාතීන්ගේ බල කිරීම මත යුවළ හික්කඩුව පොලිසියට භාරවීමෙන් පසුවයි පයාගල පොලිසිය භාරයට ගෙන ඇත්තේ.

මෙම බාලවයස්කාර දැරිය පසුගිය 26 වනදා නිවසින් පළාගොස් පෙම්වතා වන ධීවර තරුණයා කළුතර නගරයේ දී හමුවී එතැන් සිට දෙදෙනා එක්ව මැදවච්චියට ගොස් අනතුරුව තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණ කුලී කාමරයක රැඳී සිටි බවට පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ ෆේස්බුක් ඔස්සේ හඳුනාගෙන මාස තුනක පමණ කාලයක් ඇසුරු කර අනතුරුව මෙලෙස පළා යෑමට තීරණය කර ඇති බවයි.

බාල වයස්කාර සිසුවියගේ පියා පයාගල පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදුකර වින්දිත සිසුවිය සහ සැකකාර තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවා.

බාල වයස්කාර සිසුවියගේ මව විදෙස් ගතවී ඇති අතර සිසුවිය පියා සමග ජීවත්ව ඇති අතර සිසුවිය පාසල් ගමන පිළිබඳව ද නොතකා පෙම්වතා සමග සමඟ ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සිසුවිය කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකාර පෙම්වතා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50