පෙබරවාරි 29 වනදා සිදු වූ ලොව අපූරු දුර්ලභ උපත

අධික අවුරුද්දකට පමණක් යෙදෙන පෙබරවාරි 29 වනදා උපත ලැබූ දරුවෙකු සම්බන්ධයෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරින් වාර්තා වනවා.

මෙම බිළිඳාගේ විශේෂත්වය වන්නේ එම දරුවාගේ පියා ද උපත ලබා ඇත්තේ පෙබරවාරි 29 වනදා දිනයක වීමයි.

මෙම දුර්ලභ දිනයේ පෙරවරු 9.04ට බිළිඳා උපත ලබා ඇත්තේ සාමාන්‍ය උපතට නියමිතව තිබූ දිනට සති තුනකට පෙරයි.

ජීවිතය අනපේක්ෂිත වන අතර පැමිණෙන සෑම දෙයක් ගැනම සතුටු වන බව කුළුඳුල් දරු උපත පිළිබඳ සතුට පළ කරමින් බිළිඳාගේ පියා සඳහන් කළා.

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ, බිළිඳා සහ පියා යන දෙදෙනාම පෙබරවාරි 29 වනදා උපත ලැබීමේ සම්භාවිතාව උපත් මිලියන 2.2කට එකක් වන බවයි.

බිළිඳා ගේ මව් පිය යුවළ මීට වසර අටකට පෙර ඇඩිලේඩ්හිදී මුණගැසී ඇති අතර පසුව ඔවුන් දෙදෙනා වියට්නාමයෙන් පදිංචියට ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
12
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57