spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙබරවාරි 29 වනදා සිදු වූ ලොව අපූරු දුර්ලභ උපත

අධික අවුරුද්දකට පමණක් යෙදෙන පෙබරවාරි 29 වනදා උපත ලැබූ දරුවෙකු සම්බන්ධයෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරින් වාර්තා වනවා.

මෙම බිළිඳාගේ විශේෂත්වය වන්නේ එම දරුවාගේ පියා ද උපත ලබා ඇත්තේ පෙබරවාරි 29 වනදා දිනයක වීමයි.

මෙම දුර්ලභ දිනයේ පෙරවරු 9.04ට බිළිඳා උපත ලබා ඇත්තේ සාමාන්‍ය උපතට නියමිතව තිබූ දිනට සති තුනකට පෙරයි.

ජීවිතය අනපේක්ෂිත වන අතර පැමිණෙන සෑම දෙයක් ගැනම සතුටු වන බව කුළුඳුල් දරු උපත පිළිබඳ සතුට පළ කරමින් බිළිඳාගේ පියා සඳහන් කළා.

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ, බිළිඳා සහ පියා යන දෙදෙනාම පෙබරවාරි 29 වනදා උපත ලැබීමේ සම්භාවිතාව උපත් මිලියන 2.2කට එකක් වන බවයි.

බිළිඳා ගේ මව් පිය යුවළ මීට වසර අටකට පෙර ඇඩිලේඩ්හිදී මුණගැසී ඇති අතර පසුව ඔවුන් දෙදෙනා වියට්නාමයෙන් පදිංචියට ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
12
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?