පෙත්සම් විභාගකින් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත් වෙයි

කඳු මුදුන්වල ආගමික සිද්ධස්ථාන ඇතුළු නීතිවිරෝධී ඉදිකිරීම් සිදුකිරීම තුළින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමේ කටයුතුවලින් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත් වුණා.

එම පෙත්සම අද (17) සලකා බැලීම සඳහා එස්. යූ.බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව අභියාචනාධිකරණ විනිසුරු කරලියද්ද මහතා නිවේදනය කළා.

ඒ, අනුව අදාළ පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම සඳහා නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කඳු මුදුන් වල ආගමික සිද්ධස්ථාන ඇතුළු ඉදිකිරීම් සිදු කිරීම තුළින් විශාල දෘශ්‍ය දූෂණයක් සිදුවන බවයි.

එමෙන්ම කඳු මුදුන්වල පවතින ජල මූලාශ්‍රවලට ද ඉන් බරපතළ අගතියක් සිදුවන බවත් පාංශූ ඛාදනයක් සිදුවන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් අදාළ කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසරය කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?