පූරන් කොදෙව් නායකත්වය හැර යයි

ප්‍රහාරාත්මක පිතිකරු නිකොලස් පූරන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා.

ඒ, අනුව කොදෙව් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරඟයන් සඳහා නායකයා ලෙස රෝමන් පවෙල් පත් කිරීමට යෝජනා වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

නිමා වූ 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත් වීමත් සමඟ නිකොලස් පූරන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පූරන්ගේ නායකත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් එක්දින තරග 15කට ක්‍රීඩාකර ඉන් තරග 04ක් ජයගෙන ඇති අතර, විස්සයි විස්ස තරග 15කට ක්‍රීඩාකර ජයගෙන ඇත්තේ ද තරග හතක පමණයි.

මේ වනවිට සිය පිතිකරණ අංශයේ ද එතරම් දස්කම් දැක්වීමට නිකොලස් පූරන්ට හැකියාව ලැබී නොමැති අතර, ඔහුගේ අවසන් විස්සයි විස්ස ඉනිම් 10 තුළ ලබාගෙන ඇත්තේ ලකුණු 94ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?