පූරන් කොදෙව් නායකත්වය හැර යයි

ප්‍රහාරාත්මක පිතිකරු නිකොලස් පූරන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා.

ඒ, අනුව කොදෙව් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරඟයන් සඳහා නායකයා ලෙස රෝමන් පවෙල් පත් කිරීමට යෝජනා වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

නිමා වූ 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත් වීමත් සමඟ නිකොලස් පූරන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පූරන්ගේ නායකත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් එක්දින තරග 15කට ක්‍රීඩාකර ඉන් තරග 04ක් ජයගෙන ඇති අතර, විස්සයි විස්ස තරග 15කට ක්‍රීඩාකර ජයගෙන ඇත්තේ ද තරග හතක පමණයි.

මේ වනවිට සිය පිතිකරණ අංශයේ ද එතරම් දස්කම් දැක්වීමට නිකොලස් පූරන්ට හැකියාව ලැබී නොමැති අතර, ඔහුගේ අවසන් විස්සයි විස්ස ඉනිම් 10 තුළ ලබාගෙන ඇත්තේ ලකුණු 94ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12