පුෂ්පිකා ලෝක විවාහක රූ රැජින තරගයට පිටත්ව යයි

පුෂ්පිකා ද සිල්වා කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ. ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගන්නේ 2011 වර්ෂයේ, එතැන් පටන් ඇය විටින් විට විවිධ ජාත්‍යන්තර නිරූපන තරග සඳහා සම්බන්ධ වෙනවා. 2011 වර්ෂයේ සංචාරක රූ රැජින තරගයටත් ඇය සම්බන්ධ වෙනවා.

ඒ වගේම 2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වෙන පුෂ්පිකා ජාත්‍යන්තරයම කතාබහට ලක් වෙන චරිතයක් බට පත් වෙන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වීමත් එක්කයි. කාගේත් කතාබහට ලක් වූ ඇය ඊයේ මව් රටින් පිටත් වුනේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමටයි, ඇමරිකා එක්සත් ජනපදයේ ලබන 15 වැනි දින මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය වෙනවා. ඒ සඳහා පිටත් වූ පුෂ්පිකාට ජයග්‍රහණය ලබා ගැනීමට අපිත් සුබ පතමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
128
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?