පුෂ්පිකා පොලිසියට නොයයි

හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසටගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පිලියන්දල පොලිසියට  ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට කැඳවීමක් කර තිබුණ  ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි.

ඇය නියෝජනය කරමින් නීතිඥ සරිත් පතිරත්න මහතා පොලිසිය වෙත පැමිණ ස්ථානාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මියට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

චන්දිමාල් ජයසිංහ මහත්මාට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ වරයකු සමග නීතිඥ හමුවක් අද දිනයේ පැවැත්වෙන බැවින් ඒ සඳහා ඇය සහභාගි වන බැවින් අද දින පොලිසියට නොපැමිණෙණ බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව මෙම ප්‍රකාශය ලබා දීම සඳහා මෙම මස 28 වෙනි දින පෙරවරු 10ට පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස ඇයට දින ලබාදෙනු ලැබුවා.

චමුදිත මහතා ගේ නිවසට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂය පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු පුද්ගලයන් 32 කින් පමණ මේ වන ට ප්‍රකාශ ලබාගෙන ඇත.

සසැදි පුවත – චමුදිතගේ නිවසේ සිද්ධිය සම්බන්ධව හදිස්සියේ පුෂ්පිකා පොලිසියට කැඳවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !