පුෂ්පිකා කදුළක් එක්කරමින් අවසන් සටහන තබයි. සිතන්නට බොහෝ දේ ඉතිරි කරයි

“..අපි, අපගේ සිනහව, අනික් අයගේ සතුට වෙනුවෙන් පාවිච්චි කළ යුතු ය. අනෙකාගේ මුවෙහි ඇති සිනහව මකන්නට කටයුතු නොකල යුතුය..”

මේ දවස්වල අන්තර්ජාලය පුරාම පුෂ්පිකා ද සිල්වා ගැන කතා වෙනවා.
ඒ ඇය පසුගියදා සහභාගී වුණු ලෝක විවාහක රෑ රැජින තරගාවලියේදී ඇය ලැබූ ස්ථානය ගැන පැවසූ කතාවක් සමගයි.
කොහොම වුණත් ඇය සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්…

මම පසුගිය දිනවල ඇමරිකාවේ ලාස්වේගාස්හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට සහභාගී වීමි.
ඒ තරඟය පුරාවට ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී, මෙය කියවන ඔබ කිසිවෙක් නො දන්නා, ඔබට සිතාගන්නටවත් නොහැකි තරම් බොහෝ හැල හැප්පීම්, සිත් රිදුම්, ගැටලු, පීඩාවන් රැසකට මුහුණ දෙමින් අවසාන හය දෙනා අතරට තේරී පත්වන්නට සුදුසුකම් ලැබුවෙමි. අදටත් පුෂ්පිකා ද සිල්වා යනු, අතීතයේ සිටි යකඩ ගැහැණියම බව මම කියමි. යකඩයක් යනු තැලෙන දෙයක් මිස, කැඩෙන බිඳෙන දෙයක් නොවේ. නොයෙක් ආකාරයේ බාධා ඇතිකරමින් කිසිවෙක් මාගේ ඉදිරි ගමන වළක්වන්නට උත්සාහ කරනවා නම්, මෙය මට තවත් එක් තරගයක් පමණක් බව මම ඔවුන්ට කියන්නට කැමතියි. මෙවන් තරඟ මත මගේ මුළු ජීවිතයම මුලු අනාගතයම රඳා පවතින්නේ නැත. මා මෙලොවට පැමිණ ඇත්තේ මීටත් වඩා බොහෝ දුර ගමනක් ‍යන්නට බව මම දනිමි. ඒ නිසා මෙය, මගේ ජීවිතයේ අත්දැකීම් ගොඩක් ලබා දුන් එක් පරිච්ඡේදයක් පමණි. ඒ සඳහා නොයෙක් අයුරින් සහභාගී වූ දායක වූ සියලු දෙනාට බොහොම ස්තුතියි.

අවසාන වශයෙන් මම…. 2021 අප්‍රේල් මස 6 වැනිදා කියූ දෙයම, අද නැවතත් නැවතත් සිහිපත් කරමි.
“… සැබෑ රැජිනක් යනු, අනෙක් ගැහැනියගේ කිරුල උදුරාගන්නා ගැහැනියක් නොව, අනෙක් ගැහැනියගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියකි.!”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
126
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?