පුෂ්පිකා කදුළක් එක්කරමින් අවසන් සටහන තබයි. සිතන්නට බොහෝ දේ ඉතිරි කරයි

“..අපි, අපගේ සිනහව, අනික් අයගේ සතුට වෙනුවෙන් පාවිච්චි කළ යුතු ය. අනෙකාගේ මුවෙහි ඇති සිනහව මකන්නට කටයුතු නොකල යුතුය..”

මේ දවස්වල අන්තර්ජාලය පුරාම පුෂ්පිකා ද සිල්වා ගැන කතා වෙනවා.
ඒ ඇය පසුගියදා සහභාගී වුණු ලෝක විවාහක රෑ රැජින තරගාවලියේදී ඇය ලැබූ ස්ථානය ගැන පැවසූ කතාවක් සමගයි.
කොහොම වුණත් ඇය සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්…

මම පසුගිය දිනවල ඇමරිකාවේ ලාස්වේගාස්හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට සහභාගී වීමි.
ඒ තරඟය පුරාවට ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී, මෙය කියවන ඔබ කිසිවෙක් නො දන්නා, ඔබට සිතාගන්නටවත් නොහැකි තරම් බොහෝ හැල හැප්පීම්, සිත් රිදුම්, ගැටලු, පීඩාවන් රැසකට මුහුණ දෙමින් අවසාන හය දෙනා අතරට තේරී පත්වන්නට සුදුසුකම් ලැබුවෙමි. අදටත් පුෂ්පිකා ද සිල්වා යනු, අතීතයේ සිටි යකඩ ගැහැණියම බව මම කියමි. යකඩයක් යනු තැලෙන දෙයක් මිස, කැඩෙන බිඳෙන දෙයක් නොවේ. නොයෙක් ආකාරයේ බාධා ඇතිකරමින් කිසිවෙක් මාගේ ඉදිරි ගමන වළක්වන්නට උත්සාහ කරනවා නම්, මෙය මට තවත් එක් තරගයක් පමණක් බව මම ඔවුන්ට කියන්නට කැමතියි. මෙවන් තරඟ මත මගේ මුළු ජීවිතයම මුලු අනාගතයම රඳා පවතින්නේ නැත. මා මෙලොවට පැමිණ ඇත්තේ මීටත් වඩා බොහෝ දුර ගමනක් ‍යන්නට බව මම දනිමි. ඒ නිසා මෙය, මගේ ජීවිතයේ අත්දැකීම් ගොඩක් ලබා දුන් එක් පරිච්ඡේදයක් පමණි. ඒ සඳහා නොයෙක් අයුරින් සහභාගී වූ දායක වූ සියලු දෙනාට බොහොම ස්තුතියි.

අවසාන වශයෙන් මම…. 2021 අප්‍රේල් මස 6 වැනිදා කියූ දෙයම, අද නැවතත් නැවතත් සිහිපත් කරමි.
“… සැබෑ රැජිනක් යනු, අනෙක් ගැහැනියගේ කිරුල උදුරාගන්නා ගැහැනියක් නොව, අනෙක් ගැහැනියගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියකි.!”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06