පුෂ්පිකාගේ ෆේස්බුක් සටහනට පටි රෝල් වෙන්න ලැබුණු අමුතු පිළිතුර මෙන්න (VIDEO)

පුෂ්පිකා ද සිල්වා දිනෙන් දින මෙරට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක් ලෙස ප්‍රසිද්ධය. ඒ පසුගිය වසරේදී කොළඹ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී ජයග්‍රාහිකාව බවට පත්වුවත් එය නිවැරදි නොවන බවට ප්‍රකාශ කරමින් හිටපු විවාහක ලෝක රූ රැජිණ වූ කැරොලයින් ජුරි විසින් ඉවත් කිරීමෙන් පසු පුෂ්පිකාට අවසානයේදී සිය ඔටුන්න ලබා ගැනීමට සිදුවුයේ පොලිසියේ පිහිට පැතීමෙන්ය.

මේ අතර 2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය මෙවර අමෙරිකාවේ ලාස්වේගාස් හිදී පැවති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා ඊට එක්විය.

තරගාවලියේ අවසානයේදී පුෂ්පිකා තැබූ ෆේස්බුක් සටහනින් කියවුණේ ඇය එම තරගයේදී සිව්වෙනි ස්ථානය දිනා ගැනීමට සමත්වූ බවයි.

‘ මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුනෙමි. තරගය ජයග්‍රහණය කළ පලමු දෙවන තෙවන ස්ථානය ලබා ගත් විවාහක රූ රැජිණියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.

එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුලුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුලු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.

  • පුෂ්පිකා ද සිල්වා’

මේ ඇය සිය ෆේස්බුක් ගිණුමේ සිංහලෙන් තබා තිබු සටහනයි.. කෙසේ වුවත් සිංහලෙන් සටහන් තැබූවත් මුහුණු පොතේ ඇති භාෂා පරිවර්තනය පහසුකම නිසා පුෂ්පිකාට මුහුණ දීමට සිදුව ඇත්තේ අමුතුම සිදුවිමකටය.

ඒ, ඇයගේ මෙම සටහනට පැහදිලි ප්‍රතිචාරයක් ලබාදෙමින් මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය වන Libby Crawford තබා තිබු අපුරු පිළිතුරකින් පුෂ්පිකා ද සිල්වා මේ දක්වා පිළිතුරක් ලබාදී නොමැති පසුබිමකයි.

Libby Crawford විසින් තබා ඇති පිළිතුර අනුව එහි සඳහන් කර ඇත්තේ මෙයයි,

“සිව්වන ස්ථානය” පිළිබඳ ඔබගේ උපකල්පනය කරුණාකර නිවැරදි කරන්න. කිසිවෙකු හයවන හෝ පස්වන හෝ හතරවන ස්ථානයේ සිටියේ නැත. ඒක බොරුවක්. ලෝකයේ ඉහළම 3 දෙනා හැර අන් කිසිවෙකුට ලකුණු හෝ ස්ථානගත කිරීම් ලබා නොදේ. ජයග්‍රාහකයා ගැන සතුටු වන්න, ඇය ඔබේ ගෞරවය ලැබීමට සුදුසු බැවින් ඇයට සුබ පතන්න. රෝසි මහත්මිය උත්සවයට පැමිණීම වෙනුවෙන් ගරු කිරීමක් වශයෙන් ඔබව 6 වෙනි ස්ථානයේ තැබීමට සංවිධායකයින් පියවර ගනු ලැබුවා.

මෙම සටහනෙන් පසුව පසු සටහනක් තබමින් ඇය වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබුණා,

‘ අතුරු සටහනක්. ඔබ විවාහක නම්, ඔබ වෙනුවෙන් කැප වූ සැමියා වෙනුවෙන් තබන ගෞරවය සහ ස්තුතිය කොහිද? එය කුතුහලය ගෙන දෙන්නක්’.

https://www.youtube.com/watch?v=adOR3tp06pw
pus 2
Pus 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15