පුෂ්පිකා ද සිල්වා දිනෙන් දින මෙරට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක් ලෙස ප්‍රසිද්ධය. ඒ පසුගිය වසරේදී කොළඹ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී ජයග්‍රාහිකාව බවට පත්වුවත් එය නිවැරදි නොවන බවට ප්‍රකාශ කරමින් හිටපු විවාහක ලෝක රූ රැජිණ වූ කැරොලයින් ජුරි විසින් ඉවත් කිරීමෙන් පසු පුෂ්පිකාට අවසානයේදී සිය ඔටුන්න ලබා ගැනීමට සිදුවුයේ පොලිසියේ පිහිට පැතීමෙන්ය.
මේ අතර 2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය මෙවර අමෙරිකාවේ ලාස්වේගාස් හිදී පැවති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා ඊට එක්විය.
තරගාවලියේ අවසානයේදී පුෂ්පිකා තැබූ ෆේස්බුක් සටහනින් කියවුණේ ඇය එම තරගයේදී සිව්වෙනි ස්ථානය දිනා ගැනීමට සමත්වූ බවයි.
‘ මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුනෙමි. තරගය ජයග්‍රහණය කළ පලමු දෙවන තෙවන ස්ථානය ලබා ගත් විවාහක රූ රැජිණියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.
එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුලුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුලු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.
- පුෂ්පිකා ද සිල්වා’
මේ ඇය සිය ෆේස්බුක් ගිණුමේ සිංහලෙන් තබා තිබු සටහනයි.. කෙසේ වුවත් සිංහලෙන් සටහන් තැබූවත් මුහුණු පොතේ ඇති භාෂා පරිවර්තනය පහසුකම නිසා පුෂ්පිකාට මුහුණ දීමට සිදුව ඇත්තේ අමුතුම සිදුවිමකටය.
ඒ, ඇයගේ මෙම සටහනට පැහදිලි ප්‍රතිචාරයක් ලබාදෙමින් මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය වන Libby Crawford තබා තිබු අපුරු පිළිතුරකින් පුෂ්පිකා ද සිල්වා මේ දක්වා පිළිතුරක් ලබාදී නොමැති පසුබිමකයි.
Libby Crawford විසින් තබා ඇති පිළිතුර අනුව එහි සඳහන් කර ඇත්තේ මෙයයි,
“සිව්වන ස්ථානය” පිළිබඳ ඔබගේ උපකල්පනය කරුණාකර නිවැරදි කරන්න. කිසිවෙකු හයවන හෝ පස්වන හෝ හතරවන ස්ථානයේ සිටියේ නැත. ඒක බොරුවක්. ලෝකයේ ඉහළම 3 දෙනා හැර අන් කිසිවෙකුට ලකුණු හෝ ස්ථානගත කිරීම් ලබා නොදේ. ජයග්‍රාහකයා ගැන සතුටු වන්න, ඇය ඔබේ ගෞරවය ලැබීමට සුදුසු බැවින් ඇයට සුබ පතන්න. රෝසි මහත්මිය උත්සවයට පැමිණීම වෙනුවෙන් ගරු කිරීමක් වශයෙන් ඔබව 6 වෙනි ස්ථානයේ තැබීමට සංවිධායකයින් පියවර ගනු ලැබුවා.
මෙම සටහනෙන් පසුව පසු සටහනක් තබමින් ඇය වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබුණා,
‘ අතුරු සටහනක්. ඔබ විවාහක නම්, ඔබ වෙනුවෙන් කැප වූ සැමියා වෙනුවෙන් තබන ගෞරවය සහ ස්තුතිය කොහිද? එය කුතුහලය ගෙන දෙන්නක්’.
















You should respect yourself first ay all. other thing is she fails to win the s spectators hearts…
Crappy Crawford indeed ! Everybody knows only the first place matters chosen by way of elemination at the last round. So if one is still at that round of six are they not entitled to be happy about it. According to the eliimination process are they barred from saying they were 6th 5th or 4th etc ? So catty U are Crawford – so like the disgraced SL’s what’s her name Mrs W of last year