AFC Banner
Empty Ad
Empty Ad

පුර නැගුමෙන් නිමවූ ගොඩනැගිල්ලක් අභාවයට

සබරගමු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පළාත් පාලන ආයතන ප්‍රවර්ධන ආංශික ව්‍යාපෘතිය “පුර නැගුම’ යටතේ 2014 වැඩ ආරම්භ වී 2017 ජනතා අයිතියට පැවරූ බලංගොඩ, බෙලිහුල්ඔය, ගලගම බහු කාර්ය ගොඩනැගිල්ල මේ වන විට අභාවයට යමින් පවතින බව අප
වාර්තාකරු සඳහන් කළා.

රුපියල් මිලියන 42ක් වියදම්කොට මෙම බහු කාර්ය ගොඩනැගිල්ල නිමවා ඇති අතර මේ වන විට එම ගොඩනැගිල්ල වල් බිහි වී ඇතැම් කොටස් කැඩී බිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි , ජලය සහ විශාල සූර්ය කෝෂ පද්ධතියක්ද මෙම ගොඩනැගිල්ලෙහි සවිකර තිබෙනවා.

මෑත කාලීනව මෙම වටිනා ගොඩනැගිල්ල සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ ලක්ෂ 85ක් යොදවමින් වැඩිදියුණු කිරීමට කටයුතු යොදා තිබුණත් එයද ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කිරීමට පමණක් සීමා වී තිබුණා.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ජනතාවගේ මුදල් මෙසේ අවභාවිතා කිරීම ජාතික අපරාධයක් බවයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මෙම ගොඩනැගිල්ල වැඩිදියුණු කර ප්‍රදේශයට අවශ්‍ය ඵලදායී වැඩකටයුත්තකට යොදාගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?