පුර නැගුමෙන් නිමවූ ගොඩනැගිල්ලක් අභාවයට

සබරගමු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පළාත් පාලන ආයතන ප්‍රවර්ධන ආංශික ව්‍යාපෘතිය “පුර නැගුම’ යටතේ 2014 වැඩ ආරම්භ වී 2017 ජනතා අයිතියට පැවරූ බලංගොඩ, බෙලිහුල්ඔය, ගලගම බහු කාර්ය ගොඩනැගිල්ල මේ වන විට අභාවයට යමින් පවතින බව අප
වාර්තාකරු සඳහන් කළා.

රුපියල් මිලියන 42ක් වියදම්කොට මෙම බහු කාර්ය ගොඩනැගිල්ල නිමවා ඇති අතර මේ වන විට එම ගොඩනැගිල්ල වල් බිහි වී ඇතැම් කොටස් කැඩී බිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි , ජලය සහ විශාල සූර්ය කෝෂ පද්ධතියක්ද මෙම ගොඩනැගිල්ලෙහි සවිකර තිබෙනවා.

මෑත කාලීනව මෙම වටිනා ගොඩනැගිල්ල සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ ලක්ෂ 85ක් යොදවමින් වැඩිදියුණු කිරීමට කටයුතු යොදා තිබුණත් එයද ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කිරීමට පමණක් සීමා වී තිබුණා.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ජනතාවගේ මුදල් මෙසේ අවභාවිතා කිරීම ජාතික අපරාධයක් බවයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මෙම ගොඩනැගිල්ල වැඩිදියුණු කර ප්‍රදේශයට අවශ්‍ය ඵලදායී වැඩකටයුත්තකට යොදාගන්නා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46