පුරාවිද්‍යාත්මක ස්ථාන රැකීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉඩක්

උතුරු පළාතේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමකට අදාළ ව ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද කල් ලබා දුන්නා.

වව්නියාව උතුර ප්‍රදේශයේ පිහිටි වඩුනාගල රජමහා විහාරයට කිසියම් පිරිසක් හානි කිරීමේ සිද්ධියකට අදාළ ව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ගල්ගමුවේ සංඝබෝධි හිමි ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදීයි මෙම කල් ලබා දුන්නේ.

ඒ එස්.තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කළ විරෝධතාවලට අදාළ ව ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට කාලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම ලබන මැයි මස 25 වනදා යළි කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට පෙර ප්‍රතිවිරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෑතක දී තම විහාරස්ථානයට කඩා වැදුණු කිසියම් පිරිසක් එහි ශිව ලිංගයක් තබා එහි දේපළවලට අලාභ හානි සිදු කළ බවයි.

මේ හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත අදාළ විහාරස්ථානයේ ගෞරවනීයභාවයට හා පූජනීයත්වයට හානි සිදු වු බවත් පෙත්පසම්කරුවෝ පවසනවා.

මේ හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් උතුරු පළාතේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?