පුරන් කුඹුරු අස්වද්දා තාප්පවල චිත්‍ර ඇඳි තරුණයින්ට ජනපතිගෙන් ආරාධනාවක්

තමා බලයට පත්වීමත් සමග තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳ වෙනසට මුලපිරූ බවත් තවත් පිරිසක් පුරන් කුඹුරු අස්වැද්දූ බවත් එදා තැබූ විශ්වාසය සමග විප්ලවීය වෙනස වෙනුවෙන් යළි ඉදිරියට පැමිණෙන ලෙස මේ සියලුදෙනාට ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

වැඩ නිම කළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ අද (06) පස්වරුවේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටියේ.

ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක්. එය සිදු කිරීමේ දී අපහසුතා සහ බාධකවලට මුහුණදීමට සිදු වනවා. එහෙත් එම අභියෝගය ජය ගැනීමට කැපවීමෙන් ක්‍රියා කරන බවයි ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ.

කාබනික වගාව මෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසුනොබසින බවද ජනාධිපතිතුමා පවසා සිටියා.

මුං, කව්පි, උදු, කහ ඇතුළු බෝග 16 ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කෙරු බවත් අද එහි ප්‍රථිපල ගොවින් භූක්තිවිඳිමින් සිටියි. කුරුඳු, ගම්මිරිස්, කහ සඳහා ඉහළ මිලක් ගොවියාට ලැබෙමින් පවතීනවා. ගොවියාගේ අතට ලැබෙන එම ආදායම අඩු නොකිරීමටත්, පාරිභෝගිකයාව ආරක්ෂා කිරිමටත් පියවර ගන්නා බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර සිටියා.

මෙම තත්ත්වය අවබෝධ කරගෙන හරිත කෘෂි අභියෝගය ජය ගැනීමට එක්වන්නැයි සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා ගොවීන්ට හෝ ජනතාවට බලපෑම් කර එම වෙනස සිදු කිරීමට තමා අපේක්ෂා නොකරන බව ද කියා සිටියා.

ලෝකයේ සෙසු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු වූ බවත් වැටී තිබූ ආර්ථිකයක් හමුවේ හඳුනා නොගත් වසංගතයක් සමග දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සැලසුම් රැසක් ක්‍රියාත්මක කළ බවට ද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

එහිදී තමා දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට නොහැකි වූ බවත් එහෙත් එහි කිසිඳු අඩුවක් නොතබා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු බවත් ඉන් අහිමි වූ ඝෘජු සහ වක්‍ර රැකියා සංඛ්‍යාව මිලියන 03කට ආසන්න වේ. එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට විදේශ රැකියා අවස්ථා අහිමි වූ අතර ඉහළම සිට පහළම ව්‍යාපාරිකයා දක්වා සියලුදෙනාගේ ආර්ථිකයට බාධා එල්ල විය. මේ සමග ඇති වූ දැවැන්ත ආර්ථික බිඳ වැටීම මත වුවද සංවර්ධන වැඩකටයුතු අඛණ්ඩව සිදු කළේ. සියලුම රාජ්‍ය සේවකයින්ට නියමිත දිනට වැටුප් ගෙවනු ලැබූ අතර ඩොලර් මිලියන 04ක් වූ විදේශ ණය වාරික නියමිත පරිදි ගෙවීමට පියවර ගත් බවද ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.

කොවිඩ් රෝගී පවුල් වෙනුවෙන් සහ නිරෝධායනයට ලක් වූ සියලුදෙනා වෙනුවෙන් ආධාර මුදල් සපයනු ලැබුවා. වීවලට සහතික මිලක් ලබාදීමට කටයුතු කෙරිණ. මේ සියල්ල සිදු කිරීමට වූයේ දැවැන්ත ආර්ථික අර්බුද හමුවේ බව ජනාධිපතිතුමා සිහිපත් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40