AFC Banner
Empty Ad
Empty Ad

පුපුරණ ද්‍රව්‍ය සමඟ අයෙක් පදවියෙන් අල්ලයි

මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ඒ සඳහා යොදා ගන්නා ජීව උණ්ඩ 11ක් සහ හක්ක පටස් මරඋගුල් සෑදීමට යොදාගන්නා චීන පටස් 356ක් ළඟ තබාගත් පුද්ගලයෙකු පදවිය රුවන්පුර ප්‍රදේශයේ දි ඊයේ (05) අත්අඩංගුවට ගත් බව පදවිය පොලීසිය පවසනවා.

කැබිතිගොල්ලෑව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ පදවිය රුවන්පුර ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 40ක විවාහකයෙක්.

සැකකරු මෙම පුපුරන ද්‍රව්‍ය සිය නිවසේ සඟවාගෙන සිටින බවට කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබී ඒ අනුව එම නිලධාරීන් සැකකරුගේ නිවසට ගොස් සිදු කළ පරීක්ෂාවකදී තුවක්කුව,ජීව උණ්ඩ සහ චීන පටස් සොයාගන තිබෙනවා.

පොලීසිය පවසන්නේ වන සතුන් දඩයම් කිරීම සඳහා සැකකරු මෙම පුපුරන ද්‍රව්‍ය භාවිතා කර ඇති බවත් වන අලින් සහ වන සතුන් මරා දැමීම සඳහා යොදා ගන්නා හක්ක පටස් මර උගුල් සෑදීමට මෙලෙස චීන පටස් විශාල ප්‍රමාණයක් සැකකරු විසින් ගෙනවිත් තබාගෙන ඇති බවත්ය.

සැකකරු අද (06) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පදවිය පොලිසිය වැඩිදර පරික්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?