ඉන්දීය හමුදා සහ කැරලිකරුවන් අතර ඇතිවූ ගැටුමකින් 32ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ චත්තිස්ගාර් හි මාඕවාදී කැරැලි කරුවන් ඉන්දීය හමුදා සමග ඇතිවූ ගැටුම් මැඩලීමේ දී කැරලිකරුවන් 32 දෙනෙකු මිය ගිය බව ද එක්ස්ප්‍රෙස් ට්‍රිබියුන් වෙබ් අඩවිය සඳහන් කරනවා.

එම කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාර දැඩි කිරීමට ඉන්දීය හමුදා කටයුතු කර තිබෙන අතර එහිදී සිදු වූ වෙඩි තැබීමකින් මෙම පිරිස මියගොස් තිබෙනවා.

තුල්තුලි ගම්මානය අසල අබුජ්මාහ් වනාන්තර කලාපයේදී වෙඩි හුවමාරුව සිදුවී තිබුණා.

දන්තේවාඩා හා නාරායන්පූර් යන ප්‍රදේශවලින් පැමිණි ආරක්‍ෂක හමුදා ඊට සම්බන්ධ වී තිබෙනවා.