පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට

උදයපුරම් වෙරළ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව, අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22ක් සහ ඩෙටර්නේටර් 07ක් සොයාගෙන තිබෙනවා.

වෙරළේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධී ධීවර කර්මාන්තය වෙනුවෙන් සඟවා තබන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන මෙම නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඒ අනුව, අද උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළේ නීතිවිරෝධී ධීවර දැලක සූක්‍ෂම ලෙස සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය සමඟ නීතිවිරෝධි ධීවර දැල ද මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය වෙරලේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කරන අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, විශේෂ කාර්යය බළකාය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?