AFC Banner
AFC Banner
Empty Ad

පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට

උදයපුරම් වෙරළ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව, අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22ක් සහ ඩෙටර්නේටර් 07ක් සොයාගෙන තිබෙනවා.

වෙරළේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධී ධීවර කර්මාන්තය වෙනුවෙන් සඟවා තබන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන මෙම නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඒ අනුව, අද උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළේ නීතිවිරෝධී ධීවර දැලක සූක්‍ෂම ලෙස සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය සමඟ නීතිවිරෝධි ධීවර දැල ද මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය වෙරලේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කරන අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, විශේෂ කාර්යය බළකාය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?