AFC Banner
Empty Ad
Empty Ad

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වලස් ප්‍රාහාරයක්

වලසෙකුගේ ප්‍රාහාරයකට ලක්වූ පුද්ගලයෙකු තුවාල ලබා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට මාරුකර තිබෙනවා.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්නාකණ්ඩල් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා වලස් ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඊයේ (25) පස්වරුවෙයි.

මෙම පුද්ගලයා කුඹුරට ගිය අවස්ථාවේ මෙලෙස වලස් ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරයන් ඔහුගේ එක් අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජීවී කාර්යාලය දැනුවත්කර ඇති අතර, මුලතිව් වනජීවී නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?