පුද්ගල ඝාතනයකට අඹු – සැමි යුවළක් සැකපිට අත්අඩංගුවට

ඊයේ (08) රාත්‍රියේ කලාවැව – වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ ඝාතනයක් සම්බන්දයෙන් සැකපිට අඹු – සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

37 හැවිරිදි තිලක් වීරසිංහ නමැති එක්දරු පියෙකු මෙලෙස ඊයේ රාත්‍රියේ දී ඝාතනයට ලක් වූ අතර ඔහු විජිතපුර – වලව්වේගම පදිංචිකරුවෙක්.

මරණකරුගේ සිරුර හමු වූයේ ඔහුට අයත් එම ප්‍රදේශයේ ම ඉදිකර ඇති නිවසක කාමරයක් තුළදියි.

මරණකරුගේ සිරුර තිබූ ඔහුට අයත් එම නිවස යුවළක් සඳහා කුලී පදනම යටතේ දුන් එකක් බවත් හෙළි ව තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පෙරේදා (07) සවස තමන් පදිංචි නිවසේ සිට තමන් කුලියට ලබා දී තිබූ මෙම නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණි අවස්ථාවේ දී කුලියට ලබා දී තිබූ නිවස තුළ දී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිසිය පවසනවා.

කුලී නිවසේ රැඳී සිටි යුවල ඝාතනයෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

අදාළ නිවසේ කුලී පදනම මත සිටි පුද්ගලයා හා මියගිය පුද්ගලයා ඇතුළු පිරිසක් පෙර දින රාත්‍රියේ එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එම අවස්ථාවේ ඇති වූ බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වූයේද යන්න පිළිබඳ ව පොලිස් විමර්ශන ආරම්භ කෙරුණා.

කෙසේවෙතත් ඝාතනය සැලවීමෙන් පසු ඉපලෝගම පොලිසිය කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 29ක් හා 39ක් වන අඹු සැමි යුවළක් පොලිස් අත් අඩංගුවට ගැනුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ එම අඹුසැමි යුවල අද (09) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර සැකකරුවන් එළඹෙන 17 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31