පුද්ගලයින් පස් දෙනෙකු නොයෙන ගමන් යැවූ සැකකරු නැවත බන්ධනාගාරයට

යාපනය,ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය,කයිට්ස් මහේස්ත්‍රාත් ජේ.ගජනිදිබාලන් මහතා ඊයේ (06) නියෝග කෙරිණ.

යාපනය ඩෙල්ෆ් පොලිසිය පැවසූවේ යාපනය,ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ අප්‍රේල් 22 වැනිදා පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු ඊයේ(06) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සැකකරු නැවත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.

ඝාතනයට ලක්ව තිබුණේ තාවකාලිකව මෙරටට පැමිණ සිටි ලන්ඩන් පදිංචිකාරියක් වන එස්. නාගේන්ද්‍රරත්නම් නමැති 78 හැවිරිදි කාන්තාවක් හා යාපනය, ඩෙල්ෆ් පදිංචි නාගනදි බාලසිංහම් නමැති 82 හැවිරිදි පුද්ගලයෙකු, බාලසිංහම් පූමනි නමැති 76 හැවිරිදි කාන්තාවක්, කාර්තිගේසු නාගසුන්දරි නමැති 83 හැවිරිදි කාන්තාවක්, එස් .මහාදේවන් නමැති 75 හැවිරිදි පුද්ගලයෙකුය. වයස අවුරුදු 100 ක් වන කාන්තාවක් සිද්ධියෙන් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වු බවද පොලිසිය සඳහන් කළහ.

සැකකරු විසින් මියගිය පුද්ගලයින් සතුව තිබු රන් භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් ඝාතනයන් සිදුකොට ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය වැඩිදුරටත් පැවසූවේ ඝාතනයට අදාළ සැකකරු කලක් ජර්මනියේ රැදී සිට ඇති අතර, අනතුරුව මෙරටට පිටුවහල් කළ පුද්ගලයෙකු වන බවට තොරතුරු පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19