පුද්ගලයින් රවටමින් සිදුවන ව්‍යාජ සමීක්ෂණ වංචාවක් සම්බන්ධයෙන් මෙරට ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක් වන හේමාස් හොස්පිට්ල්ස් ආයතනය විශේෂ දැනුම් දීමක් කරනවා.
එම ආයතයන පවසන්නේ “හේමාස් හෝල්ඩින්ග්ස් රජයේ වෛද්‍ය සහනාධාර” යනුවෙන් සමීක්ෂණ වැඩසටහනකට සහභාගී වෙමින් මුදල් ත්‍යාග ලබාදෙන බවට ව්‍යාජ පණිවුඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන බවයි.
අදාළ ව්‍යාජ පණිවුඩය phishing වර්ගයේ සංවේදී පුද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා වංචාකරුවන් විසින් බෙදාහරින්නක් බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.
ඒ අනුව එය පිරවීම හෝ ෂෙයාර් කිරීමෙන් වළකින ලෙස දැනුම් දෙන අතර පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට පෙර ඉන් ආරක්ෂාවන ලෙස හේමාස් රෝහල් ජාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














