AFC Banner
Empty Ad
Empty Ad

පුතු මැරූ වරදට පියා සිර මැදිරියේ දී ගෙල වැළලාගෙන !

තම පුත්‍රයා ඝාතනය කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයෙකු ඊයේ (03) පස්වරුවේ සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගත කළ බව පොළොන්නරුව පොලිසිය පවසනවා.

මෙම රැඳවියා සිරගත කර ඇත්තේ පසුගියදා දිනෙක (30) තම පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී සිදු කරනු ලැබූ ඝාතනයකට වරදකරු වීම හේතුවෙන්.

සැකකරු දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියෙහි පසුවන අයෙක්.

සැකකරුගේ පහරදීමෙන් 24 හැවිරිදි සඳුන් නිමන්ත නමැති තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම රැඳවියාව එදින පොළොන්නරුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර; අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ හෙතෙම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

සැකකාර රැඳවියා මේ වනවිට (04) පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ගන්නා බව පොළොන්නරු රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?