පුතු මැරූ වරදට පියා සිර මැදිරියේ දී ගෙල වැළලාගෙන !

තම පුත්‍රයා ඝාතනය කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයෙකු ඊයේ (03) පස්වරුවේ සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගත කළ බව පොළොන්නරුව පොලිසිය පවසනවා.

මෙම රැඳවියා සිරගත කර ඇත්තේ පසුගියදා දිනෙක (30) තම පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී සිදු කරනු ලැබූ ඝාතනයකට වරදකරු වීම හේතුවෙන්.

සැකකරු දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියෙහි පසුවන අයෙක්.

සැකකරුගේ පහරදීමෙන් 24 හැවිරිදි සඳුන් නිමන්ත නමැති තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම රැඳවියාව එදින පොළොන්නරුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර; අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ හෙතෙම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

සැකකාර රැඳවියා මේ වනවිට (04) පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ගන්නා බව පොළොන්නරු රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

  1. යේලීව දුෂනය කර එය පුතා දැනගෙන ඇතිවූ බහින් බස්වීම දුරදිග යෑමෙන්
    පුතාට පහර දී මරා දමා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48