පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් – තිදෙනෙකුට දිවි අහිමිවෙයි (ඡායාරූප)

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අද (12) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෝටර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු, වෑන් රථයේ රියදුරු හා ගමන්ගත් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මුන්දලම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කර යවා තිබෙනවා.

615400223 1213413324270486 7632431200389380604 n
613737202 1213413280937157 2026303553675133735 n
615262288 1213414104270408 2649513695009121819 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?