පුටින් සහ මෝදි අතර සංවාදයක් – යුක්රේනය පිළිබඳ රුසියාවේ දිශානතියක් පැහැදිලි කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් පැවැත් වී තිබෙනවා.

ආයෝජන, බලශක්තිය, කෘෂිකර්මය, ප්‍රවාහනය සහ සැපයුම් වැනි ක්ෂේත්‍රවල ප්‍රායෝගික අන්තර්ක්‍රියා සඳහා ඇති අන්‍යෝන්‍ය අපේක්ෂාවන් පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි ද ඉකොනොමික් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ.රුසියානු-යුක්රේන ගැටුම පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති අතර ජනාධිපති පුටින් යුක්රේනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පිළිබඳ මූලික තක්සේරුවක් එහිදී ලබා දී තිබෙනවා.

G20 කණ්ඩායමේ සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඉන්දීය භුමිකාව ඇතුළුව ජාත්‍යන්තර සංවිධානවල රාමුව තුළ සමීප සම්බන්ධීකරණයක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද නායකයින් දෙදෙනා අවධාරණය කළ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර තිබුණා.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඉන්දියාව ප්‍රධානත්වය දරන කාලය තුළ දෙරට එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව‍යි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.නායකයින් දෙදෙනා එකිනෙකා සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වීමටද මෙහිදී එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් අගමැති මෝදි යළිත් අවධාරණය කර ඇත්තේ මෙය යුද්ධය සඳහා වන කාලයක් නොවන බවයි. සාමයේ මාවතේ ඉදිරියට යා හැකි ආකාරය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබී ඇති බවත් ආහාර, ඉන්ධන සුරක්ෂිතතාව සහ පොහොර ගැටලුවලට විසඳුම් සෙවීමට ක්‍රමෝපායන් සොයා ගත යුතු බවත් අගමැති මෝදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?