පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනි දා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අද දහවල් 12ට නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුවයි කොමිෂන් සභාව මෙම නිවේදනය නිකුත් කළේ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ගොනු කිරීමේ කාලය ද අද (20) පස්වරු 1.30ට අවසන් කෙරුණා.
ඒ අද මධ්‍යාහ්න 12න් නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය නිමාවට පත්වීමෙන් පසුවයි.
ඊයේ (19) දහවල් 12න් ද මෙවර පුංචි ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ද අවසන් කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1