පුංචි ඡන්දය මැයි මස 06 වැනිදා (වීඩියෝ)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනි දා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද දහවල් 12ට නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුවයි කොමිෂන් සභාව මෙම නිවේදනය නිකුත් කළේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ගොනු කිරීමේ කාලය ද අද (20) පස්වරු 1.30ට අවසන් කෙරුණා.

ඊයේ (19) දහවල් 12න් මෙවර පුංචි ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ද අවසන් කෙරුණා.

IMG 0001 scaled