Empty Ad
AFC Banner
Empty Ad

පුංචි ඡන්දයේ වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේපවීම මහනුවරින්

පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සංඛ්‍යාව මහනුවරින් වාර්තා වූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත පවසනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 230ක් ඇප මුදල් තැම්පත් කර තිබුණා.

ඒ, අනුව පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 210ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබූ අතර, ඉන් නාම යෝජනා 58ක් ප්‍රතික්ෂේප වූ බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේ.

පිළිගත් දේශපාලන පක්ෂ 52ක සහ ස්වාධීන කණ්ඩායම් 06ක නාම යෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පළාත් පාලන ආයතන 336 ක් සඳහා ඡන්ද විමසීම ලබන මැයි මස 06 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ අතර, ඒ සඳහාවන නාම යෝජනා පත්‍ර භාරගැනීම ඊයේ (20) මධ්‍යහ්න 12.00ට අවසවන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?