පුංචි ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අප්‍රේල් 16 සිට

එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අප්‍රේල් මස 16 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව අප්‍රේල් 20 සහ 27 යන ඉරිදා දින දෙක නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ වි‍ශේෂ දිනයන් ලෙස සලකා එම බෙදාහැරීම් කටයුතු සිදුකරන බව ද කොමිෂන් සභාව සඳහන් කළා.

අප්‍රේල් මස 29 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

මේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා එම පත්‍රිකා අප්‍රේල් 16 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව සඳහන්.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අප්‍රේල් මස 07 වනදා සිදුකෙරෙන බව ද මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?