පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කරන්න ඒකමතික එකඟත්වයක්

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය පළවී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බැවින් මෙම අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එම නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය පියවර ගැනීමටයි ඒකමතික එකඟත්වය හිමි වූයේ.

මෙලෙස ඒකමතික එකඟත්වය හිමි වී ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට ඇති බාධා සහ එම බාධා ඉවත් කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා. මේ සඳහා නීතිපති උපදෙස් පරිදි, සංශෝධනයට ලක් වූ පනතක්, සංශෝධනයට පෙර පැවති ලෙස නැවතත් වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර අනුමතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි පැමිණ සිටි නිලධාරීන් කියාසිටියේ.

තවද, පළාත් සභා අමාත්‍යාංශවල ලේකම්වරු ස්ථාන මාරු කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් කිරීම සහ සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ප්‍රාදේශීය ලේකම්වරු සඳහා ස්ථාන මාරු කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නිසි පරිදි ස්ථානගත නොකිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ ස්ථානගත කිරීම් නිසි පරිදි සිදු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. ඒ අනුව වහාම ඒ සදහා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සිදු කිරීම පිළිබඳ අලුත් තීරණයක් නොමැති බැවින් හා පළාත් සහ සමස්ත රාජ්‍ය සේවය තුළ පුරප්පාඩු පවත්නා නිසාත්, එම පුරප්පාඩු සඳහා කළමනාකරණ සේවා නිලධාරී තෙවන ශ්‍රේණියේ සීමිත තරඟ විභාගයෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන මේ වන විටත් පත්වීම් ලබා සිටින සේවකයන් එම පුරප්පාඩු පවත්නා තනතුරුවල පිහිටු වීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40