Empty Ad
Empty Ad
 Empty Ad

පුංචි ඡන්දයට යළි නාමයෝජනා කැඳවීමක් නැහැ – මැතිවරණ කොමසාරිස්

නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන ඡන්ද විමසීම සඳහා යළි නාමයෝජනා කැඳවීමක් සිදුනොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ දැනට බල පැවැත්වෙන පළාත් පාලන නීතියට අනුව මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා යටතේ එම මැතිවරණය පවත්වන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වීමෙන් පසු දින 30-35ත් අතර කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තීරණයෙන් යම් අසාධාරණයක් සිදුවෙතැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට නීතියේ මඟින් පිහිට පැතිය හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?