Empty Ad
AFC Banner
Empty Ad

පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන් – ඡන්දයේ දිනය ගැනත් අද ප්‍රකාශයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන නාමයෝජනා භාර ගැනීම අද (20) මධ්‍යාහ්න 12න් අවසන් වනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිෂන් සභාව මගින් නිවේදනය කළේ මාර්තු මස 17 වැනි දිනයි.

එදින සිට දින තුනකට ආසන්න කාලයක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක් වී නාමයෝජනා භාරදීම සිදු කෙරුණා.

ඒ සිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල මට්ටමින්.

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ද පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී අනුමැතිය ලබා දුන්නා.

මේ පිළිබඳව දෙසැම්බර් මස 25 වැනිදා පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදි 2023 වර්ෂයේ කැඳවන නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවටයි එකඟතාවකට පැමිණියේ.

ඒ අනුව කැඳවා තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම පිණිස විධිවිධාන සැලැස්වීමට හැකිවන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයත ආයත ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වසරේ මාර්තු මාසයේ 17 වැනිදා නව නාමයෝජනා කැඳවීම සිදු කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළේ.

එමෙන්ම ඊයේ (19) මධ්‍යාහ්න 12න් පසුව මෙවර පුංචි ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ද අවසන් කෙරුණා.

අද දහවල් කාලයෙන් අවසන් වන නාමයෝජනා භාරදීමෙන් අනතුරුව පැය එකහමාරක කාලයක් හිමිවන්නේ නාමයෝජනා සඳහා විරෝධතා ගොනු කිරීමටයි.

ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?