AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයට ඇල්පිටිය නාම යෝජනා භාර ගැනීම අරඹයි (නිවේදනය)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම අද (12) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඒ අනුව අද පෙරවරු 09 සිට මෙම නාම යෝජනා භාර ගැනීම සිදු කෙරුණු ඇති.

මේ අතර ඊයේ (11) දිනයේ දී පුංචි ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරුණා.

මෙවර ප්‍රාදේශීය සභාවේ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප මුදල් තැන්පත් කළ බවයි.

ඒ අතර ජනසෙත පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජාතික ජන බලවේගය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික ජනතා පක්ෂය සහ දෙවන පරපුර පක්ෂය මේ අතර වන පිළිගත් දේශපාලන පක්ෂ 10 යි.

ඇල්පිටිය ඇප මුදල් තැන්පත් කළ පක්ෂ සහ අපේක්ෂකයින් පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?