මිරිහාන පොලිස් වසමේ ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ ගිලී 05 හැවිරිදි දරුවෙක් මියයාමේ අවාසනාවන්ත පුවතක් පෙරේදා (08) වාර්තා වුණා,
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ පෙර පාසල හරහා පිහිනුම් පුහුණුවීම් සඳහා එම හෝටලයේ පිහිනුම් තටාකය වෙත පැමිණි උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි පොලිසියෙන් සඳහන් කළේ.
ඒ අනුව ඊයේ (09) දිනයේ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකර විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ගෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙක්, පෙර පාසල් සේවිකාවක් සහ පිහිණුම් උපදේශකයින් දෙදෙනෙක් ඇතුලු හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය පවසනවා.
මිරිහාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





