පිහිණුම් තටාකයේ ගිලී දිවි අහිමි වූ දරුවාගේ සිද්ධියට 07කට මාංචු

මිරිහාන පොලිස් වසමේ ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ ගිලී 05 හැවිරිදි දරුවෙක් මියයාමේ අවාසනාවන්ත පුවතක් පෙරේදා (08) වාර්තා වුණා,

මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ පෙර පාසල හරහා පිහිනුම් පුහුණුවීම් සඳහා එම හෝටලයේ පිහිනුම් තටාකය වෙත පැමිණි උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි පොලිසියෙන් සඳහන් කළේ.

ඒ අනුව ඊයේ (09) දිනයේ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකර විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ගෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙක්, පෙර පාසල් සේවිකාවක් සහ පිහිණුම් උපදේශකයින් දෙදෙනෙක් ඇතුලු හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය පවසනවා.

මිරිහාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25