Empty Ad
AFC Banner
Empty Ad

පිහිටක් අවැසි මොහොතේ සරණක් වෙන්න කැමති ඔබට අපෙන් ඇරයුම් (වීඩියෝ)

දිවයිනට ම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් වෙත අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සඳහා ‘දසත ඩිජිටල් අවකාශය’ එක් ව විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ගංවතුරෙන්, නායයෑම්වලින් අවතැන් වූ අපේම සහෝදරත්වය වෙනුවෙන් මුදලින් හෝ අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ, ඇඳුම් පැළඳුම් ආදිය සැපයීම මගින් මේ මහා මානුෂීය මෙහෙයුමට ඔබටත් දායක විය හැකියි.

”දසත හිතමිතුරු සහන ක්‍රියාන්විතය” ඇරඹීම සඳහා ඔබ සතු සහ ඔබට ලබාදිය හැකි සහන මළු කඩිනමින් දසත ඩිජිටල් අවකාශය ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ලබාදීම කළ හැකි වනවා.

ඔබත් පවතින අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් වුණු අයෙක් නම්; ඔබගේ සහනයට සකසා ඇති මෙම විශේෂ මානුෂීය සත්කාරය වෙනුවෙන් පහත දැක්වෙන සබැඳිය හා එක්වී ඔබගේ සියලු දත්ත ඊට පුරවා අප වෙත එවීමට ඔබට හැකියි.

එමෙන්ම සිත් පිත් නැති කුණාටුවකට, දුරස්කළ නොහැකි අපේ සහෝදරකම් වෙනුවෙන් සිට ගැනීමට දසත විසිරී ඇති මනුෂ්‍යත්වයේ හස්තයට කෙරෙන මේ ආරාධනය පිළිගන්නා සැවොම ඔබේ වටිනා පරිත්‍යාගයන් පහත දැක්වෙන ලිපිනය වෙත ගෙනැවිත් භාර දෙන්න..

නො 210/ ඒ, දෙවන මහල, කොළඹ පාර, ලියනගේමුල්ල – සීදූව පිහිටි දසත කාර්යාලය වෙත ලබාදීම කළ හැකියි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් 074-1007069 යන දූරකථන අංකය හා එක්වීමෙන් ඔබට ලබාගත හැකි වනවා.

ඔබේ ඒ පරිත්‍යාගයන් වෙත අපේ හිතවත්කම් ද මුසු කොට පිළිසරණක් අවැසි මොහොතේ ඔවුන් වෙත ලබා දෙන්නට දසත අපි පෙරමුණ ගෙන සිටිමු..!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?