පිස්සන්කොටුවට බෝම්බ දැම්මා වගේ.. මහින්දානන්ද ටොපේ ටොප්

“අද ආණ්ඩුවේ කාබනික වගා සංකල්පය පිස්සන් කොටුවට බෝම්බ දැම්මා වගේ එකම විකාරයක් බවට පත්වෙලා.  කවුරුවත් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න කිව්වේ නෑ.  හැබැයි ගොවියෝ කෘමිනාශක, දිලීර නාශක, වල් නාශක ඉල්ලනවා. ඒ එකක්වත් ගෙනල්ලා ගොවියා, ගොවිතැන ගොඩගන්න කටයුතු කරන්නේ නෑ. හැබැයි උදේ – දවල් – හවස අමාත්‍යාංශයේ එක එක්නෙකා බොරු කිය කිය මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා” යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

“කෘෂිකර්ම අමාත්‍යාංශයට ඕනි මොනවා හරි බොරුවක් කියලා ගොවියෝ ටික කුඹුරට හේනට දක්කන්න පුළුවන් ද බලනවා.  අද ගොවියාට ජනාධිපති, කෘෂිකර්ම ඇමතිලා, ලේකම්ලා, අධ්‍යක්ෂකලා කියන කිසිම දෙයක් විශ්වාස නෑ.  දිලීර නාශක, කෘමි නාශක ඉල්ලුවාම ග්ලියෆොසෙට් වලට ගැසට් ගහන ආණ්ඩුවක් මේක. 

ඔය ගැසට් එක කෙටුම්පත් කළේ 2019.  ඔය කෘෂිරසායන අවශ්‍ය මහා පරිමාන තේ, පොල්, රබර් වගාවන්ට. ඒ වගා රැකගන්න ඕනි.  ඊට ඉස්සර වෙල එළවලු ටික, වී වගාව, තේ වගාව, සුළු අපනයන, එදානෙදා කණ බොන වගාවට තියෙන ප්‍රශ්න විසඳගෙන ඉන්න ඕනි.  මේක තරනිකරම ඇස් බැන්දුමක්.  කෘෂිකර්ම අමාත්‍යාංශය එකගෙය ගෙයි කන ගමන් මාධ්‍ය ඉදිරියේ බොරුවට ගහ බැන ගන්නවා.  මහින්දානන්ද බලයට ආවේ ටොප් ටෙන් පෙන්නලා.  හැබැයි අල්ලපු ටොප් ටෙන් කෙනෙක් නෑ.  දැන් මහින්දානන්ද ටොපේ ටොප්. එයා තමයි ජනාධිපති ලඟට හොඳටම කරන්නේ.  

ලංකාවේ වගාවට කෘෂි රසායන 156 ක් ලියාපදිංචි කරලා තියෙනවා. ඒ එකක්වත් නැතිව, තහනම් කරපු ඒවා ගේන්න හදිස්සි වෙලා තියෙනවා.  මහින්දානන්ද – ශෂින්ද්‍ර දෙන්නට ගොවියා ගැන කිසිම හැඟීමක් නෑ. මොකක්හරි ජාවාරමක් දැක්කොත්   

අපි දැක්කා, හිටපු ගමන් ආණ්ඩුව පාසල්, විශ්වවිද්‍යාල වහලා තියොගෙන සුරාසැල් ඇරියා. හැබැයි ඇරපු කෙනෙක් නෑ.  දැන් ගැසට් ගහනවා.  ගැසට් එක ගැහුවට පස්සේ ගහපු මිනිහා අයින් කළා කියනවා.  ඇමතිට ඕනි විදිහට බෑ පිලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්ව අයින් කරන්න.  ලියුම අස්සන් කරන නිලධාරියාට සිද්ධවෙනවා උත්තර දෙන්න.

අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ට බනිනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ට බනිනවා. සභාපතිලා එලවනවා.  මේවා නාට්ටි.  චීන අශුචි නැවට සල්ලි ගෙවන්න අනුමැතිය ගත්තා.  නැනෝ යුරියා මඟඩිය තව නැගලා යනවා.  අද කෘෂිකර්ම අමාත්‍යාංශය ටොපේ ටොප්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?