AFC Banner
AFC Banner
Empty Ad

පිරිසක් බය කරමින් කැළණි ගඟෙන් ගොඩට ආ කට්ටඩියා

කැළණි ගඟේ තිබී සිරුර සොයාගත්, හංවැල්ලේදී පැහැරගෙන ගිය කට්ටඩියාගේ ඝාතන සිද්ධියට, කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටඩියාගේ අනියම් බිරිඳ, ගල් වැඩපොළක රියදුරුරෙකු ලෙස සේවය කරන පුද්ගලයෙක් සහ ඔහුගේ ඥාතියෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන ගල් වැඩපොළක රියදුරුරෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහ කට්ටඩියාගේ අනියම් බිරිඳ අතර තිබූ තවත් අනියම් සම්බන්දතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඝාතනයට යොදාගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම කට්ටඩියා සිය අනියම් බිරිඳ සමඟ හංවැල්ල, අඹුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර පසුගිය 23 වැනිදා කිසියම් පිරිසක් විසින් ඔහු රැගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවල ද සටහන්ව තිබුණා.

අත්අඩංගුවට සැකකරුවන් අද (29) දින අධිකරණය හමුවට නියමිත අතර හංවැල්ල පොලිසිය සහ නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?