පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කරලා

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ පදිංචිව සිටි පිය පුතු දෙපළක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ පියා වයස අවුරුදු 59ක පුද්ගලයෙක් වන අතර පුත්‍රයා 26 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අද (12) අලුයම සිදුව ඇති මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාගේ පියා 2022 වසරේ දී ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම පිය පුතු දෙපල ඊයේ (12) අලුයම් කාලයේ මෙලෙස ඝාතනය කර ඇති බවයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

රාජාංගන පොලිසියේ අපරාධ අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?