පිය – පුතු ගැටුමෙන් දින දෙකකට පසු පියා මිය ගිහින්

බීමත් පිය පුතු දෙපළක් අතර ඇති වූ ආරවුලක දී පහර කෑමට ලක්ව රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටි පියා මිය ගොස් ඇති බව දංකොටුව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 62ක පුද්ගලයෙක්.

පසුගිය පළමුවනදා රාත්‍රී කාලයේ මෙම පිය පුතු දෙපළ අතර ගැටුම හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී දෙදෙනාම මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී මුලින්ම පුතා විසින් පියාට පහර දී ඇති අතර මෙම ගැටුමෙන් තුවාල ලැබූ පියා ප්‍රතිකාර සඳහා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට මාරු කර යවා ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා ඊයේ (04) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 27 හැවිරිදි පුත්‍රයා දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?