පිය – පුතු ගැටුමෙන් දින දෙකකට පසු පියා මිය ගිහින්

බීමත් පිය පුතු දෙපළක් අතර ඇති වූ ආරවුලක දී පහර කෑමට ලක්ව රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටි පියා මිය ගොස් ඇති බව දංකොටුව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 62ක පුද්ගලයෙක්.

පසුගිය පළමුවනදා රාත්‍රී කාලයේ මෙම පිය පුතු දෙපළ අතර ගැටුම හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී දෙදෙනාම මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී මුලින්ම පුතා විසින් පියාට පහර දී ඇති අතර මෙම ගැටුමෙන් තුවාල ලැබූ පියා ප්‍රතිකාර සඳහා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට මාරු කර යවා ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා ඊයේ (04) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 27 හැවිරිදි පුත්‍රයා දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47