පියුමිගේ ක්‍රීම් වර්ගවල රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියෝග

කෙටි කාලයකදී කෝටි ගණනක දේපළක් උපයා දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා යැයි කියන නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ “ලෝලියා ස්කින් සමාගම” මගින් රට පුරා බෙදා හරින ක්‍රීම් වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (15) නියෝග කළා.

පියුමි හංසමාලි සිය පාරිභෝගිකයින්ට ලබාදෙන ක්‍රීම් වර්ග අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

පියුමි හංසමාලි අයථා වත්කම් උපයා ඇති බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයට අදාළව විශේෂ මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළා.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

සම සුදු කිරීම සඳහා ගල්වන ක්‍රීම් මිනිස් ශරීරයට හිතකරද නැද්ද යන්න පිළිබඳව වාර්තා කැඳවීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි බැංකු ගිණුම් 19ක් තවත්වාගෙන යෑම, හිටපු ජනපතිවරයක් භාවිතා කර විකුණා ගැනීමට නොහැකි වී තිබූ රුපියල් ලක්ෂ අටසීයකට (කෝටි 08ක) රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම,ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන බව රහස් පොලිසියේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේ.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22