වැලිපැන්න පොලිස් වසමේ අළුත්ගම – මතුගම මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් කැබ් රථයක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.
මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් යතුරුපැදිකරු, පසු පැදිකාරිය ලෙස සිටි ඔහුගේ බිරිඳ සහ අවුරුදු 03ක දැරිය තුවාල ලබා දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී දැරිය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසු පැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




