පියාගේ ගෙල බදාගෙන ජිවිතය ඉල්ලූ පුංචි පුතුට අත්වූ ඉරණම

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන් ව තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මේවන තෙක් ඔහු පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බවය.

පානදුර එලුවිල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි එම පාසල් සිසුවා ඊයේ (17) සවස දිය නෑමට පානදුර වෙරළ තීරයට ගොස් ඇත්තේ සිය සහෝදරයා සහ පියා සමගය.

දිය නාමින් සිටියදී සිසුවා එක්වරම දිය වැලකට හසුවී ඇති අතර දිවි බේරාගැනීම සඳහා පියාගේ ගෙලේ එල්ලීමට උත්සාහ දරා ඇති නමුත් සිසුවා එම අවස්ථාවේ දී අතුරුදන් ව ඇත.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර ඇති අතර මේ වන තෙක් සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් හමුවී නොමැති බව වාර්තා වේ.