පිදුරුතලාගල රක්ෂිතයේ කඳවුරු බැඳී 26දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කෙරේ

නුවරඑලිය, පිදුරුතලාගල රක්ෂිතයට තුළ අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි 26 දෙනෙක් නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර, එම සැකකරුවන් අද (25) නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා එම සැකකරුවන්ට දඩුවම් ලබා දීමට ඔක්තොම්බර් (16) වන දින දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් (07) වන දින පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් යන ප්‍රදේශයට ඇතුලු වී කදවුරු බැද කදවුරු අවට ගිනි මැළ දල්වා සිටින බවට නුවරඑලිය අඩවි වන කාර්යාලයේ නිළධාරින්ට ලද තොරතුරක් මත වැටීමක් සිදු කර
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුණා.

අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 26 දෙනා අතර තරුණියන් දෙදෙනෙකුද සිටින බවත්, එම සැකකරුවන් ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පිරිසක් වන අතර එම පිරිස මුහුණු පොත හරහා හඳුනා ගත් පිරිසත් බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?